_______ පසුවූ දින කිහිපයක් තුළ මට ඉතා වටිනා නිදහස් මෘදුකාංග කිහිපයක් හමු වුණා. තරමක් පැරණි නමුත් ඉතා කාර්යක්ෂම නිර්මාණ කිවහොත් නිවැරදියි. => https://debian.pkgs.org/11/debian-main-amd64/cherrytree_0.99.30+dfsg-1_amd64.deb.html CherryTree - මෙය සටහන් ලිවීමට සහ සංවිධානාත්මකව ගබඩා කර ගැනීමට ඉතා පහසු අකාරයට නිර්මාණය කරලා තිබෙනවා. ඉතා කුඩා මෘදුකාංගයක් වන මෙය බොහෝ දුරට වර්තමානයෙහි භාවිත වන ඕනෑම පරිගණකයක වුණත් ගැටලුවක් නොමැතිව භාවිතා කළ හැක. => https://packages.debian.org/sid/osmo Osmo - මෙය ඉතා කාර්යක්ෂම නමුත් බරින් අඩු කාල සහ වැඩ කළමනාකරණ මෘතුකාංගයක් ලෙස සඳහන් කළ හැකියි. මට හමුවූ ඉතාම වටිනා මෘතුකාංගයකි. => https://packages.debian.org/buster/amd64/xpdf/download XPDF - ඉතා පරණ මෘතුකාංගයකි, බරින් අඩුයි, නමුත් ඉතාම කාර්යක්ෂමයි. මට හමුවූ හොඳම pdf කියවන මෘතුකාංගය කීමට තරම් මම මෙයට ඇලුම් කරමි. *** දැනට එමපණයි, කියවූවාට ස්තුති. සුජීව සංදීප